free web stats

වසර 11 කට පසුBritish Airways ඔක්තෝබර් 24 සිට යළිත් කොළඹට

British Airways වසර 11කට පසු යළිත් ලන්ඩන් ගැට්වික් (LGW) – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CMB) අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව 2026 ඔක්තෝබර් 24 වැනිදා සිට, ශීත ඍතු කාලසීමාව පුරා සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට British Airways සැලසුම් කර ඇති අතර, මෙම සේවාවන් Boeing 777 ගුවන්යානා යොදාගනිමින් සිදු කළා.

ගුවන් ගමන් කාලසටහන

BA 2045 | ලන්ඩන් ගැට්වික් → කොළඹ (සඳුදා, බදාදා සහ සිකුරාදා)
BA 2044 | කොළඹ → ලන්ඩන් ගැට්වික් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා)

British Airways හි මෙම නැවත පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද වැදගත් පිටුවහලක් ලබාදෙනු ඇති බව අපේක්ෂා කරනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක වෙළඳපොළක් වන එක්සත් රාජධානියෙන් පැමිණෙන සංචාරකයින් සඳහා වැඩි ගුවන් සම්බන්ධතා සහ පහසු ගමන් විකල්ප හිමියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *