free web stats

දිවයිනට පැමිණි ශිරන්ති

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණ තිබෙනවා.

මලයාසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් ඇය ඊයේ රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණි බව වාර්තා වෙනවා.

සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් සිදුකර තිබුණා.

කෙසේවෙතත් එවන් පසුබිමක ඇය පසුගියදා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *