හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්ය රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
හිටපු අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතාව අල්ලස් කොමිසම මගින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි.

