දේශබන්දුට අධි චෝදනා භාරදෙයි
2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම පැලෑන ප්රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධි චෝදනා භාර දී තිබෙනවා .
මෙම නඩුවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද(7) මාතර මහාධිකරණයේදී පෙනී සිට තිබෙනවා .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන මහතා හමුවේ මෙම නඩුව කැඳවා ඇති බව සඳහන් .
එහිදී දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා .
එම ඇප හතරෙන් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු යන්න ද එම ඇප කොන්දේසියේ සඳහන් .
මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වන දින කැඳවීමට නියමිතව තිබෙනවා .

