free web stats

පාකි­ස්තාන නාය­ක­ත්වයේ වෙනසක්

ශ්‍රී ලංකාව සමඟ හෙට ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී වසර දෙක­හ­මා­ර­කට අධික කාල­යක් පාකි­ස්තාන ක්‍රිකට් පිලට නාය­ක­ත්වය දුන් සල්මන් අලි අගා කණ්ඩා­ය­මෙන් ඉවත් කර ඔහු වෙනු­වට ආර­ම්භක පිති­කරු සහි­බ්සාඩා ෆර්හාන් නාය­ක­ත්ව­යට පත් කර තිබෙනවා.

එංග­ලන්ත ටෙස්ට් තර­ගා­ව­ලිය අත­ර­තුර අන­පේ­ක්ෂිත පරා­ජ­යන් හා එල්ල වූ විනය චෝදනා මත‍ ­ගෙ­දර යවන ලද ක්‍රීඩ­ක­යන් හත් දෙනා­ගෙන් එක් අයකු වූ අගා මෙන්ම හිටපු නාය­ක­යන් වන බාබර් අසාම් සහ ෂහීන් ෂා අෆ්රිඩි ද ශ්‍රී ලංකා­වට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලි­යෙන් ඉවත් කොට තිබෙනවා.

පාකි­ස්තාන ක්‍රිකට් කණ්ඩා­යමේ මේ නාය­කත්ව කැල­ඹීම මැද ශ්‍රී ලංකාව සහ පාකි­ස්තා­නය අතර විස්සයි20 තර­ගා­ව­ලිය හෙට සිට 13 දා දක්වා රාව­ල්පිණ්ඩි ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, ශ්‍රී ලංකා – පාකි­ස්තාන – එංග­ලන්ත තුන්කොන් තර­ගා­ව­ලිය මේ මස 18 වැනි දින සිට රාව­ල්පිණ්ඩි හා ලාහෝර් ක්‍රීඩාං­ග­ණ­ව­ලදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *