නාගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මියයයි
කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි එහි හිමිකරුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 09 වන දින උදෑසන 07:40 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ අවන්හල ඉදිරිපිට දී එහි හිමිකරුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණා.
එම ප්රහාරයෙන් අවන්හල් හිමිකරු එම ස්ථානයේදීම මියගිය අතර, බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අද (11) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මියගිය කාන්තාව දොඩංගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

