free web stats

ශෂි වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව ලබන 26 තෙක් කල්යයි

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාල දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 26 දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (12) නියෝග කළා.

එදිනට විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාල කාර්ය සටහන් වර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට නියෝග කළා.

අද (12) දින එම ඇපෑලට අදාල නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියම කළා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ලබන 26 වැනි දින තෙක් කල් තැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *