කළු ගඟේ ජල මට්ටම ඉහළට
කළු ගඟේ ඉහළ ධාරා ප්රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවැල්ලාව ප්රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (12) උදෑසන වන විට මිල්ලකන්ද ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 ඉක්මවා ගොස් ඇති බවයි.
ඒ අනුව, කළු ගඟ ආශ්රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

