free web stats

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපය තුළදී අපේක්ෂා කළ හැකිය.

මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20–30ක් පමණ විය හැකි බවද සඳහන් වේ.

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු තත්ත්වයක් දක්වා පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60–70ක පමණ තද සුළං ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *