ශිරන්ති 16 දක්වා රිමාන්ඩ් – Update
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකාරියගේ වැඩිදුර වෛද්ය වාර්තා එදිනට කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද සඳහන් කළා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
ශිරන්තිව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මියව අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැත.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දෙන ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම නිසාවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවයි.
එමෙන්ම ඇයව මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් පවතින බවත් යන්න ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට කරුණු දැක්වූවා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ, සැකකාරිය ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සැබෑවක් වුවත් ඇයව සැත්කමකට භාජනය කිරීමට අදාළව කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බව අධිකරණයට පැවසූවා.
ඒ අනුව විවෘත අධිකරණය හමුවේ දී බන්ධනාගාර නිලධාරීන් ඇමතූ ප්රධාන මහෙස්ත්රාත්වරයා අද දිනයේ දී ශිරන්ති රාජපක්ෂ විවෘත හදවත් සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද ? යන කරුණු තමන්ට වහාම පරීක්ෂා කර දැනුම්දෙන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට දැනුම්දෙනු ලැබුවා.
එහිදී මහෙස්ත්රාත්වරයා පෙන්වා දුන්නේ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ 61 වන වාට්ටුවට ඇය ඇතුළත් කර ඇති බව මිස ඇයගේ රෝග තත්ත්වය හෝ ඇයව ශල්යකර්මයකට භාජනය වෙන බවක් වාර්තා වී නොමැති බවයි.
ඒ අනුව එකී වාර්තාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන තුරු නඩුව අද පස්වරු 2 දක්වා කල්තබනු ලැබුවා.
විපරම නිව්ස් අප මේ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ 61 වෙනි වාට්ටුවෙන් පෙ.ව 11.26 ට ව්මසූව්ට රෝහල් ප්රකාශිකාවක් පැවසූවේ ශිරන්ති රාජපක්ෂ මේ මොහොතේ 61 වෙනි වාට්ටුවේ නොමැති බව හා ඇය දැඩ්සත්කාර ඒකකයේ සිටන බවයි.

