යෝෂිත අධිකරණයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (13) නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය හමුවට පැමිණ තිබෙනවා.
නිසි සුදුසුකම් සපුරා නොතිබියදී, විත්තිකාර යෝෂිත රාජපක්ෂ බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ පුහුණුවකට යැවීම තුළින් ‘දූෂණය’ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (13) කැඳවීමට නියමිතයි.

