free web stats

සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුයි

දියුණු සමාජයක් ගොඩ ගැනීමට නම් සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

පෙර පාසල් ඵලදායීතා සංවර්ධනය පිළිබඳ මාර්ගගත පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.

ඒ බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදීයි.

අධ්‍යාපනික ඵලදායීතා වැඩිදියුණු කිරීම සඳහා පෙර පාසල්වල දායකත්වය ඉහළ නැංවීම සහ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ දැනුම යාවත්කාලීන කිරිමේ අරමුණෙන් මෙම මාර්ගගත පාඨමාලාව පැවැත්වුණා.

ඒ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ / ප්‍රජා ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේයි.

එම කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ එස් ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලෝකය දිනන දරුවෙකු බිහිකිරීමට පෙර පාසල් බෙහෙවින් ඉවහල් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *