free web stats

යෝෂිතට නාවික හමුදාවේ සිටියදී ලක්ෂ 51ක වැටුප් ගෙවලා

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකුයි මේ බව ප්‍රකාශ කළා.

ඊට දීමනා ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *