කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන ස්වාධීන විමර්ශනයක් සිදුකරනවා
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව ඉදිරියේදී ස්වාධීන විමර්ශනයක් සිදුකරන බව පරිසර අමාත්ය දම්මික පටබැඳි මහතා පවසනවා.
කිලිනොච්චිය ප්රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව පැවසූවා.
ඒ අනුව එම විමර්ශනයේදී කාවන්තිස්ස හස්තියාට ප්රතිකාර කිරීමේදී කිසියම් අත්වැරැද්දක් සිදුව ඇතිද සහ සතාට හානි කිරීම සඳහා දැනුවත්ව කිසියම් සිදුවීමක් සිදුවුණේද යන්න පිළිබඳව සොයා බලන බවත් අමාත්යවරයා මෙහිදී සඳහන් කළා.
කෙසේ නමුත් සත්ත්වයාට ප්රතිකාර කිරීමේදී වෛද්ය මණ්ඩලය විසින් හැකි උපරිම අයුරින් කටයුතු කර ඇතැයිද පැවසූ අමාත්යවරයා නමුත් හස්තියා මරණයට පත්වීම සම්බන්ධව පරිසර අමාත්යාංශයද කනගාටු වන බවද පැවසූවා.
එමෙන්ම ඉදිරියේදී පශු වෛද්ය සේවය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රෝගී සතුන්ට ප්රතිකාර කරන වැඩපිළිවෙල තවදුරටත් දියුණු කිරීමට අවශ්ය පියවර ගන්නා බවද අමාත්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සඳහන් කළා.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා,
“අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ස්වාධීන විමර්ශන කණ්ඩායමක් යොදාලා මෙහිදී කිසියම් අත්වැරදීමක් සිදුවුණාද හෝ සතාට හානි කිරීම සඳහා දැනුවත්ව කිසියම් සිදුවීමක් වුණාද කියලා සොයා බැලීම සඳහා. අපි විශ්වාස කරනවා වෙන කිසිදු හස්තියෙකුට මැදිහත් නොවුණු තරම් මැදිහත්වීමක් අපි අපේ උපරිම අයුරින් මැදිහත් වෙලා තියෙනවා. අපි කනගාටු වෙනවා හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන. මේ සම්බන්ධව ශෝක වන සියලු දෙනා සමග අපිත් පරිසර අමාත්යාංශය ලෙස අපේ ශෝකයත් පළ කරනවා. අපි ඉදිරියේදී අපේ පශු වෛද්ය සේවය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුමේ මේ රෝගී සතුන්ට ප්රතිකාර කරන වැඩපිළිවෙල මීට වඩා දියුණු කරන්න අපි අවශ්ය කරන පියවර ගන්නවා. මේ පිටිපස අපි නොදැනුවත්ව මේ හස්තියාට හානි කිරීමේ එවැනි මොනා හරි තියෙනවාද කියන එක සම්බන්ධයෙනුත් සොයා බලලා අවශ්ය කරන දැඩි පියවර ලබා ගන්න අපි සූදානම්”

