free web stats

බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ

විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ (17) පස්වරු 8.30 ට පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසුව ප්‍රතිකාර තවදුරටත් අනවශ්‍ය බව දන්වා රෝහලෙන් බැහැරව ගොස් තිබෙනවා.

උන්වහන්සේගේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා අදාළ එක්ස් කිරණ පරීක්ෂණයන් , අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන්, ලේ පරීක්ෂාවන් සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒවායේ කිසිදු වැරැද්දක් ඇති බවට ඒ අවස්ථාවේදී සටහන් වී නැහැ.

ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බව පැවසීම නිසා වෛද්‍යවරුන් උන්වහන්සේට යෝජනා කර ඇත්තේ පූර්ණ රෝහලට හදිසි අනතුරු ඒකකයට වාට්ටු හදිසි අනතුරු වාට්ටුවලට ඇතුලත් කරලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්‍යතාවය උන්වහන්සේට දැනුම් දී තිබෙනවා.

නමුත් උන්වහන්සේ ඒ ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන බව පවසා රෝහලෙන් පැයකට පමණ පසු රාත්‍රී 9.30 ට පමණ ආසන්න වෙලාවකදී ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් බැහැරව ගොස් ඇති බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ඉහත සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව කුපිත කරමින්, නොසන්සුන්තාවක් ඇතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඉහත සිදුවීමට අදාළව කිසිදු පහරදීමක් සිදුවී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එසේම අසත්‍ය ප්‍රචාර සමාජගතකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *