free web stats

සවුදියේ ආර­ක්ෂාව වෙනු­වෙන් පාකි­ස්තාන පෙරට

සවුදි අරා­බියේ ස්වෛරී­භා­වය, ආර­ක්ෂාව සහ කලා­පීය සුර­ක්ෂි­ත­භා­වය තහ­වුරු කිරීම සඳහා පාකි­ස්තා­නය පෙනී සිටින බව පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබෙනවා.

සවුදි අරා­බිය හා තුර්කිය සමඟ ඇති­ක­ර­ගත් ඒකා­බද්ධ ආර­ක්ෂක ගිවි­සුම කලා­පයේ සාමය, එක්ස­ත්භා­වය හා ස්ථාව­ර­ත්වය උදෙසා තැබූ ඓති­හා­සික පිය­ව­රක් බව ද ඔහු සඳ­හන් කර ඇතැයි ඇරබ් නිවුස් පුවත් වාර්තා කළා.

පාකි­ස්තාන අග­මැ­ති­ව­රයා පසු­ගි­යදා එම ආර­ක්ෂක ගිවි­සුමේ මහ­ලේ­කම් ලුති­නන් ජෙන­රාල් නවු­මාන් මහ­මුද් හමුවූ අව­ස්ථා­වේදී මේ ප්‍රකා­ශය සිදු­කළ බව ඇරබ් නිවුස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

කෙසේ වෙතත් සවුදි අරා­බි­යට සහය කර­මින් හවුති කැර­ලි­ක­රු­වන්ට එරෙහි ප්‍රහා­ර­ව­ලට පාකි­ස්තාන හෝ තුර්කි හමුදා මෙතෙක් නිල වශ­යෙන් එක්වී නැති බව ද වාර්තා වේ.

මේ වන විට පාකි­ස්තාන හමුදා සෙබ­ළුන් අට­ද­හ­ස­කට ආසන්න පිරි­සක් රැඳී සිටින අතර, ප්‍රහා­රක ගුවන්යානා හා ගුවන් ආර­ක්ෂණ පද්ධ­තීන් ද ස්ථාපිත කර තිබේ.

එහෙත් එම හමුදා කණ්ඩා­යම් යොදවා ඇත්තේ ආර­ක්ෂක ගිවි­සුම අත්සන් තැබී­මට මාස 5කට පමණ පෙර බවත්, එය දෙපා­ර්ශ්වය අතර පසු­ගිය වස­රේදී ඇති­ක­ර­ගත් උපා­ය­මා­ර්ගික ආර­ක්ෂක ගිවි­සු­මට අනුව සිදුවූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

සවුදි අරා­බියේ ආර­ක්ෂාව වෙනු­වෙන් පෙනී සිටින බවට පාකි­ස්තානය ප්‍රකාශ කළද, ඉරා­නය සමඟ පව­තින සමීප මිත්‍ර­ත්ව­යත්, සම්බා­ධක මඟ හරි­මින් ඉරා­න­යට සැප­යුම් සේවා ලබා­දී­මට ඉදි­රි­පත් වීමත් හේතු­වෙන් ඉරාන හිත­වාදී කැර­ලි­ක­රු­වන්ට එරෙ­හිව හමු­දාව යෙද­වී­මට පාකි­ස්තා­නය කට­යුතු නොක­රනු ඇතැයි ද වාර්තා පළ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *