දේවමෙහෙය අතරතුර කුරුසිය කඩා වැටී මියගිය දේවගැතිවරයා
දේවමෙහෙයක් සිදු කරමින් සිටියදී කුරුසියක් හිස මතට කඩා වැටීමෙන් ඉක්වදෝරයේ දේවස්ථානයක දේවගැතිවරයකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මේ අනතුරට මුහුණ දී ඇත්තේ ඉක්වදෝරයේ නිරිතදිගින් පිහිටි වෙරළාසන්න නගරයක් වන ගුවායාකින් නුවර ප්රධාන දේවගැතිවරයා වූ පැට්රිසියෝ ඇල්ෆ්රෙඩෝ පියතුමා වන අතර, අල්තාරය පිටුපස බිත්තියේ සවිකර තිබූ විශාල කුරුසිය හදිසියේම ඉදිරියට කඩා වැටී දේවගැතිවරයාගේ හිස මතට පතිත වී ඇති බවත්, ඒ අවස්ථාවේදී එම දේව මෙහෙය සජීවිව විකාශය කරමින් තිබූ බවත් විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරනවා.
බැතිමතුන් ඉදිරියේ සිටි දේවගැතිවරයා කුරුසිය කඩා වැටෙනු නොදුටු බව ද වාර්තා වේ.
මේ අනපේක්ෂිත අනතුරත් සමඟ දේවස්ථානයට රැස්ව සිටි බැතිමතුන් ගිලන් රථයක් කැඳවා දේවගැතිවරයා රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබේ.
එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙනවා.

