ජී.එල්. අල්ලස් කොමිසමට එයි
හිටපු අමාත්ය ජී.එල්. පීරිස් අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.
ඒ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකර තිබූ දැනුම්දීමක් අනුවයි.
ජී.එල්.පීරිස් විදේශ අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස ප්රකාශයක් ලබාගැනීමට නියමිතයි.

