විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පිරිසට අද ලැබුණු තීන්දුව
කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඊයේ (22) ලබා දී තිබූ ආඥාව වෙනස් කළ නොහැකි බවත්, අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වුවහොත් දණ්ඩ නිති සංග්රහයෙන් අවශ්ය පරිදි නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසියට හැකි බවත්, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළා.
විහාර මහාදේවී උද්යානයේ උද්ඝෝෂණය සිදුකරන පිරිස සහ නිතීපතිවරයා අද දින මෝසම් පත්ර දෙකක් ගොනු කර තිබුණා.
ඉන් උද්ඝෝෂණයේ නිරත පිරිස සිය මෝසම් පත්රය ගොනු කරමින් ඊයේ දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණා.

