ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසූවා.
එම ජල පෝෂක ප්රදේශවලට (23) දින ඇදහැලුණු වර්ෂාව එක් වාන් දොරටුවක් මෙලෙස විවෘත කර ඇත.
ඒ අනුව, තවදුරටත් එම ජල පෝෂක ප්රදේශවලට තද වැසි පතිත වූවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

