free web stats

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබෙනවා .

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සඳහන්වේ .

මේ අතර, ඔක්තෝබර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සඳහන්වේ.

වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා අතර පෙරමුණේ පසුවෙනවා .

ඒ අනුව, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 482,944 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා .

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 102,920 දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා .

එමෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් .

එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 45,530 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *