විජේ තමිල්නාඩු මහ ඇමැති ලෙස දිවුරුම් දීම අද
තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ අමාත්‍යවරයා ලෙස තලපති විජේ අද (09) පෙරවරු 11 ට දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඔහු දින තුනක් ඇතුළත තෙවැනි වරටත් ඊයේ දින තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකාර් හමුවී ප්‍රාන්තයේ ආණ්ඩුව පිහිටුවීමට හිමිකම් පෑමෙන් පසුවයි.
මීට පෙර පැවැති හමුවීම් දෙකේදී, ආණ්ඩුකාරවරයා විජේගේ ආණ්ඩුව පිහිටුවීමේ උත්සාහය ප්‍රතික්ෂේප කළේ ඔහුට බහුතරය නොමැති බව පවසමිනි. කෙසේ නමුත් ඔහු නව බහුතර මන්ත්‍රී සංඛ්‍යා සමඟ නැවත ආණ්ඩුකාරවරයා හමුවී ඇත්තේ මන්ත්‍රීවරුන් 118කගේ සහය ඇතිවයි.

