free web stats

ශ්‍රී ලංකා-පාකි­ස්තාන-එංගලන්ත එක්දින තර­ගා­ව­ලි­යක්

ලබන වසරේ පැවැ­ත්වෙන එක්දින ලෝක කුස­ලා­න­යට පෙර­හු­රු­වක් ලෙස මේ වසරේ ඔක්තෝ­බර් මාස­යේදී ශ්‍රී ලංකාව – පාකි­ස්තා­නය සහ එංග­ල­න්තය අතර තුන්කොන් එක්දින තර­ගා­ව­ලි­යක් පාකි­ස්තා­න­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙනවා.

එළැ­ඹෙන එක්දින ලෝක කුස­ලා­නය ලබන වසරේදී දකුණු අප්‍රි­කාව, සිම්බාබ්වේ හා නැමී­බි­යාව වැනි රට­වල් කේන්ද්‍ර­කොට පැවැ­ත්වී­මට අයි­සී­සීය කට­යුතු යොදා ඇත.

ජියෝ සුපර් මාධ්‍ය වාර්තා­ව­කට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය පාකි­ස්තා­නයේ පැවැ­ත්වී­මට නිය­මිත ටෙස්ට් තර­ගා­ව­ලිය අත­ර­තු­රදී මේ අම­තර තුන්කොන් එක්දින තර­ගා­ව­ලි­යට නිල වශ­යෙන් එකඟ වී තිබේ.

එංග­ලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩ­ලය ද ඕවර 50 ආකෘ­තියේ තර­ගා­ව­ලි­යට සහ­භාගි වන බව දැනුම් දී ඇති අතර, මේ සංචා­ර­යේදී ශ්‍රී ලංකාව හා පාකි­ස්තා­නය අතර, විස්සයි20 තරග තුනක් ද පාකි­ස්තා­න­යේදී ක්‍රීඩා කරනු ඇත.

තුන්කොන් එක්දින තර­ගා­ව­ලි­යෙන් පසුව, ශ්‍රී ලංකාව සහ පාකි­ස්තා­නය නොවැ­ම්බර් මාස­යේදී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් තරග දෙක­කින් යුත් ටෙස්ට් තර­ගා­ව­ලිය ආරම්භ කරන අතර, එය 2025 සිට 2027 දක්වා ක්‍රියා­ත්මක වන අයි­සීසී ලෝක ටෙස්ට් ලකුණු සට­හ­නට අදාළ වේ.

කණ්ඩා­යම් තුනේම සහ­භා­ගි­ත්වය තහ­වුරු කර ඇති බැවින්, තුන්කොන් එක්දින තර­ගා­ව­ලියේ කාල­ස­ට­හන් සාකච්ඡා කිරීමේ අව­සන් අදි­ය­රට පැමිණ ඇත.

එම කට­යුතු අව­සන් වූ පසු, එක්දින තුන්කොන් තර­ගා­ව­ලියේ කාල­ස­ට­හන හා පැවැ­ත්වෙන ක්‍රීඩාං­ගණ ඉක්ම­නින් ප්‍රකා­ශ­යට පත් කරන බව පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *