free web stats

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 39දෙනෙකු මරුට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගතවූ දිනයක කාලය තුළදී ලෙබනනයේ පුද්ගලයින් 39දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ලෙබනනයේ දකුණු සක්සකියේ නගරයට එල්ල වු ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම යතුරුපැදියකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයෙකු සහ ඔහුගේ දියණිය මියගොස් ඇති බව සඳහන් වේ.

පසුගිය අප්‍රේල් 16වන දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ දින සිට ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් තවදුරටත් ප්‍රහාර සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *