free web stats

අද සිට යළි උතු­රට යන යාල්දේව් දුම්රිය

කොළඹ කොටුවේ සිට යාප­නය, කන්ක­ස­න්තු­රය දක්වා ධාව­නය කරන යාල්දේවි දුම්රිය ධාව­නය අද (11)සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටියා.

දිට්වා සුළි කුණා­ටුවේ බල­පෑ­මෙන් පසු ධාව­නය නවතා තිබූ මේ දුම්රිය කොළඹ කොටුව සිට කන්ක­ස­න්තු­රය දක්වා සඳුදා, බදාදා සහ සිකු­රාදා දින­වල පම­ණක් ධාව­න­යට එක් කරන බවද එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

එමෙන්ම යාප­නය, කන්ක­ස­න්තු­රයේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවි දුම්රිය ධාව­නය වන්නේ අඟ­හ­රු­වාදා, බ්‍රහ­ස්ප­තින්දා සහ ඉරිදා දින­වල පම­ණක් බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කර තිබෙ­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *