free web stats

කුසල් මෙන්ඩිස්ට හිම්වන නායකත්වය

බට­හිර ඉන්දීය කොදෙව් සමඟ ලබන මස 3 වැනිදා ආර­ම්භ­වන එක්දින සහ විස්සයි20 තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිලේ නාය­ක­ත්ව­යට කුසල් මෙන්ඩිස් පත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව සූදා­නම් වෙනවා.

ඒ අනුව මෙතෙක් එක්දින කණ්ඩා­යමේ නාය­ක­ත්වය දැරූ චරිත් අස­ලංක හා විස්සයි20 නාය­ක­ත්වය දැරූ දසුන් ශානක එම තන­තු­රෙන් ඉව­ත්වන අතර, ටෙස්ට් කණ්ඩා­යමේ නාය­ක­ත්වය තව­දු­ර­ටත් ධනං­ජය ද සිල්වා වෙත පැව­රී­මට තේරීම් කමි­ටුවේ අපේ­ක්ෂාව කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *