නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීමට හා විනිවිදභාවයෙන් යුත් මූල්‍ය පාලනයක් ඇති කිරීමට නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ කොටස්කරුවන් වන්නේ පොදු මහජනතාව බැවින් ව්‍යවස්ථාව සකස් කිරීමේදී මහජන අදහස්වලට සංවේදී වන බව වික්‍රමරත්න මහතා පැවසූවා.
ජනාධිපතිතුමාගෙන් හෝ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් පරිවර්තන කමිටුවට කිසිදු බලපෑමක් නැති බවත්, පැවරී ඇති වගකීම් ස්වාධීනව ඉටුකරන බවත් ඒ මහතා සඳහන් කළා.

