ආණ්ඩුව ආර්ථික අර්බුදය හමුවේ ගත් ක්‍රියාමාර්ග කාලෝචිත නෑ
රජය සහ මහ බැංකුව විසින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ගනු ලබන ක්‍රියාමාර්ග කාලෝචිත නොවන බවත්, රුපියල අවප්‍රමාණය වූ පසුව පිළියම් සෙවීමෙන් පලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
කොළඹදී ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී මන්ත්‍රීවරයා සියලු පියවර මීට පෙර ගත යුතුව තිබූ බවද පෙන්වා දුන්නා.
වාහන දහස් ගණනක් රටට ගෙන්වීමට ඉඩ දී දැන් රුපියල අවප්‍රමාණය වූ පසු පොලී අනුපාත වැඩි කිරීම සහ ණය ලබාදීමේ සීමා (LTV) පැනවීම විහිළුවක් බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
කාර් 3,000ක් 4,000ක් රටට ගෙනත් අපේ රට ‘කෝට් එක ඇදලා සාක්කුව හිස්’ (Sweet suit, empty pocket) වැනි තත්ත්වයකට පත් නොකළ යුතුයි. යනුවෙන් ඔහු අවධාරණය කළා.
රටට අවශ්‍ය වන්නේ සමස්ත ලක්ෂ 20ක් වන ජනතාවටම දරාගත හැකි ලෙස රුපියල ශක්තිමත් කරන වැඩපිළිවෙළක් බවත් රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා.
මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳව ද අදහස් දැක්වූ කරුණානායක මහතා, ස්වාධීන මහ බැංකුවක් නම් මෙවැනි තත්ත්වයන් කළින්ම කළමනාකරණය කළ යුතුව තිබූ බව ප්‍රකාශ කළා.
ලෝක ප්‍රවණතාව මත රුපියල අවප්‍රමාණය වන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර, තායිලන්තය හෝ ඉන්දුනීසියාව වැනි රටවල මුදල් ඒකක මෙලෙස අවප්‍රමාණය වී නොමැති බව පෙන්වා දුන්නා.
තවද, රත්රන් උකස් කිරීමේ සීමා ඉහළ මට්ටමකට ගෙන ඒම ඇතුළු ආර්ථික තීරණ ගැන ද සිය කනගාටුව පළ කරන බවත් රජය මෙලෙස හැංගි හොරාට කටයුතු කිරීම නිසා අවසානයේදී එහි බලපෑම සහ පීඩාව විඳීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

