බූස්ස බන්ධනාගාරයෙන් හමුවූ ජංගම දුරකතන
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ කළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකතන 29ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
බන්ධනාගාර බුද්ධි හා උපක්රමික බළකාය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (09) උදෑසන 6.00ට පමණ කළ ඒකාබද්ධ මෙහෙයුමේ දී A, C හා D අංශවල සිරවාට්ටුවල තිබී මෙම ජංගම දුරකතන සොයා ගෙන තිබේ.
විශේෂ ගණයේ සිරකරුවන් වන “දෙමටගොඩ චමින්ද”, “වෙලේ සුදා” හා “මිදිගම රුවන් ” රඳවා සිටින A අංශයේ සිරමැදිරි තුළද ජංගම දුරකතන තිබී හමුවූ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසූවා.
මෙම ජංගම දුරකතන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතයි.

