බස් ගාස්තු වැඩි වීමක් නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) පවසනවා.
ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර්කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්රියාත්මක කළ යුතු බවටයි ඔහු ඉල්ලා සිට්යේ .

