ජනාධිපතිවරයා මාස තුනෙන් කරපු වැඩ
ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් විවිධ චෝදනා එල්ල කළ ද ජනාධිපතිවරයා මාස 03 ක් ගත වීමට පෙර රට ස්ථාවර භාවයට පත්කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව රටේ ආර්ථිකය ඉදිරියේදී තවත් ශක්තිමත් වනු ඇති බවයි කළුතරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
රට ගොඩනැගීම සඳහා එළඹෙන 2025 වසරේ සිට සැලසුමක් සහිතව විද්‍යානුකූල පදනමකින් කටයුතු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.