free web stats

2022දී කොළඹ මහ නගර සභාවේ කෝටි 50ක වංචා­වක්

ආර්ථික අර්බු­දය පැවැති 2022 වස­රේදී කොළඹ නග­රයේ අඩු ආදා­ය­ම්ලා­භීන් ලක්ෂ එක­හ­මා­ර­කට ආසන්න පිරි­ස­කට රුපි­යල් 3,500 බැගින් මුදල් ගෙවූ බව සඳ­හන් කර­මින් කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි පැව­සෙන මුදල් වංචා­වක් සම්බ­න්ධ‍යෙන් පුළුල් විම­ර්ශ­න­යක් ආර­ම්භ­ කර තිබෙනවා.

මෙම මුදල ආසන්න වශ­යෙන් කෝටි 50කට ආසන්න වේ.

කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැල­කෙන දූෂණ වංචා සම්බ­න්ධ­යෙන් සොයා බැලීමේ ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභාවේ විම­ර්ශන අංශය විසින් එම විම­ර්ශ­නය ආර­ම්භ ­කර ඇති බව කොමි­ෂන් සභාවේ උසස් නිල­ධා­රි­යෙක් පැවසූවා.

සැබෑ ලෙසම එම මුදල් අඩු ආදා­ය­ම්ලා­භීන්ට ගෙවා තිබේද? ඒ සඳහා අව­සර ලබා­දුන්නේ කවු­රුන්ද? ආදි සියලු තොර­තුරු මේ වන විටත් විම­ර්ශන නිල­ධා­රින්ගේ පරී­ක්ෂා­වට ලක්වෙ­මින් ඇත.

කොළඹ මහ නගර සභාවේ වංචා දූෂණ සම්බ­න්ධ‍යෙන් කොමි­සම විම­ර්ශන කට­යුතු ආරම්භ කිරී­මත් සමඟ නගර සභාවේ නිල­ධා­රීන් බියට පත්ව රෝගී වී නගර සභා­වට පැමි­ණීම මඟ­හැර සිටින බව­ටද තොර­තුරු කොමි­ස­මට ලැබී තිබෙනවා.

“අපි හිතු­වට වඩා ලොකු දේවල් නගර සභාව තුළ සිදුව තිබෙ­නවා. දක්ෂ විම­ර්ශන අංශ­යක් අපිට තිබෙ­නවා. රහස් පොලී­සියේ අයත් ඉන්නවා. ඒ අය හැම දෙයක්ම සොයන්න පටන් අර­ගෙ­නයි තියෙන්නේ.” යනුවෙන් කොමි­සමේ උසස් නිල­ධා­රියෙක් වැඩි­දු­ර­ටත් පැවසූවා.

වාහන නැව­තු­ම්පොළ බදු දීමෙන්, වැසි­කිළි බදු දීමේ­දීන් විශාල වශ­යෙන් වංචා සිදුව ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලින්ම පෙනී ගොස් තිබේ.

ඒ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශන පැවැ­ත්වෙන බව කොමි­සමේ තොර­තුරු අනා­ව­ර­ණය කළා.

2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැල­කෙන දූෂණ ක්‍රියා, වංචා, සාප­රාධී ලෙස විශ්වා­සය කඩ කිරීම, බලය,රජයේ සම්පත් සහ වර­ප්‍ර­සාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අව­භා­වි­තය, නීත්‍ය­නු­කූල නොවන බඳවා ගැනීම්, පත්කි­රීම් සහ ප්‍රස­ම්පා­දන මාර්ගෝ­ප­දේශ උල්ලං­ඝ­නය කිරීම, නිශ්චල හෝ චංචල දේපළ කුලි­යට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍ර­මි­කතා, නිසි කාර්ය පරි­පා­ටි­යෙන් බැහැ­රව සිදු කර ඇති නඩු කට­යුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතු­වෙන් රජයේ වත්ක­ම්ව­ලට හෝ ආදා­ය­මට සිදු වූ බර­ප­තළ අලාභ සහ හානි පිළි­බඳ සොයා බැලීම සඳහා මෙම ජනා­ධි­පති පරී­ක්ෂණ කොමි­ෂන් සභාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පත්ක­රනු ලැබුවා.

සංශෝ­ධිත 1948 අංක 17 දරන පරී­ක්ෂණ කොමි­ෂන් සභා පනතේ (393 අධි­කා­රිය වන ) 02 වැනි වග­න්ති­යෙහි විධි­වි­ධාන ප්‍රකා­රව 2025 දෙසැ­ම්බර් 30 වැනි දින අංක 2469/08 දරන අති­වි­ශේෂ ගැසට් පත්‍රය මඟින් පත් කරන ලද මෙම පරී­ක්ෂණ කොමි­ෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ඇත.

හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු නීතිඥ පිය­සේන රණ­සිංහ මහතා මෙම කොමි­සන් සභාවේ සභා­පති ලෙස කට­යුතු කරයි.

කොමි­ෂන් සභාවේ සෙසු සාමා­ජි­ක­යන් ලෙස ශ්‍රී ලංකා ගණ­කා­ධි­කාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒක­නා­යක සහ විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ඩී.එස්. වික්‍ර­ම­සිංහ යන මහ­ත්වරු කට­යුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *