ඩෙංගු මර්දනය සඳහා ජනතා උනන්දුව ප්‍රමාණවත් නැහැ
පවතින දැඩි අවදානම සම්බන්ධයෙන් දින ගණනාවක සිට දැනුවත් කළද ඩෙංගු මර්දනය සඳහා ජනතා උනන්දුව ප්‍රමාණවත් නොවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 52,068 ක් වාර්තාවී ඇති බවයි.
ජූනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 18,227 දෙනෙකු වාර්තාවී ඇතැයිද ඔහු සඳහන් කළා.

