අධ්වේගයේ සිදුවූ මාරක අනතුරේදී හමුවූ අපූරු දොස්තර යුවල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී අද දින (06) අනතුරක් වාර්තා ව්ය.
කොළඹ සිට මිදිගම බලා ටයර් නිෂ්පාදන අමුද්‍රව්‍ය රැගෙන ගිය කන්ටේනර් රථයක්, එහි පසුපස රෝදයක හුළං බැසීම නිසා මාර්ගය අයිනේ නතර කර තබා තිබෙනවා.
එහි රියදුරු එම සුලං බැසු රෝදය මාරු කරමින් සිටි මොහොතේ, පිටුපසින් වේගයෙන් පැමිණි සිමෙන්ති බවුසර් ( බල්කර් ) රථයක් නොසිතූ මොහොතක කන්ටේනර් රථයේ පසුපස ගැට් තිබෙනවා.
එම ගැට්මත් සමඟ සිමෙන්ති බවුසර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම ව්නාශ වී ගිය අතර, එහි සිටි රියදුරු ඇතුළු තිදෙනා යකඩ තහඩු අතර සිරවී මරණාසන්න තත්වයට පත්ව තිබුණා.
එම අනතුර සිදු වූ මොහොතේම එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි වෛද්‍ය විද්ව කළුතොට සහ වෛද්‍ය කිත්මා ගුණරත්න යන වෛද්‍ය යුවළ තමන්ගේ ගමන පසෙකලා වහාම ඔවුන්ගේ සේවය ලබාදීමට ක්‍රියාත්මක වී තිබෙනවා.
පැය දෙකකට අධික කාලයක් සුන්බුන් අස්සේ සිරවී සිටි තුවාලකරුවන් අසලම රැඳී සිටිමින්, ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර සහ ඔක්සිජන් ලබා දෙමින් ඔවුන්ගේ පණ රැක ගැනීමට මෙම වෛද්‍යවරුන් දෙපළ කටයුතු කර තිබෙනවා.
අනෙකාගේ ජීවිතයක ඇති වට්නාකම වෙනුවෙන් තම කාලය කැපකරම්න් ඒ මොහොතේම ඒ රෝගීන් බේරාගැනීමට ක්‍රියාත්මක වූ ඒ උදාර වෛද්‍ය යුවළ නිසා අද ම්යැදෙන්නට ගිය ජීවිත වලට නැවත ජීවය ලබාදීමට හැකියාව උදා වී තිබෙනවා.

