free web stats

මෙසී­ගෙන් ලෝක වාර්තා­වක්

ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ලය­නල් මෙසී වසර 68ක් පැරණි ලෝක වාර්තා­වක් බිඳ දැමීය. වත්මන් ලෝක ශූර ආර්ජ­න්ටි­නාව ජෝර්දාන් කණ්ඩා­යම සමඟ තර­ග­යේදී ගෝල 3-1ක් ලෙස ජය වාර්තා කළ අතර, එහි තෙවැනි ගෝලය වාර්තා කළ මෙසී ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ අඛ­ණ්ඩව තරග හත­කදී ගෝල ලබා ගැනීමේ දුර්ලභ වාර්තාව පිහිටු විය.

ලෝක කුස­ලාන ඉති­හා­සයේ කිසිදු පාපන්දු ක්‍රීඩ­ක­යකු අඛ­ණ්ඩව තරග හත­කදී ගෝල ලබා­ගෙන නැත.

මේ වාර්තාව පිහි­ටු­වීමේ මෙසීගේ ගමන ආරම්භ වූයේ 2022 කටාර්හි පැවති ලෝක කුස­ලාන පිළි­මලුන් පිටු­දැ­කීමේ අදි­යරේ සිටය. ලෝක කුස­ලාන තරග හය­කදී අඛ­ණ්ඩව ගෝල ලබා ගැනීමේ වාර්තාව ප්‍රංස පුරා­වෘ­ත්ත­යක් වන ජස්ට් ෆොන්ටේන් සතුව පතිබූ අතර, ඔහු 1958 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී එම දක්ෂ­තාව ප්‍රද­ර්ශ­නය කළා.

පසුව 1970 ලෝක කුස­ලාන තරග හය­කදී අඛ­ණ්ඩව ගෝල ලබා ගනි­මින් බ්‍රසී­ලයේ ජෙයා­ර්සින්හෝ ද එම වාර්තාව සම කර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *