ඩෙංගු මරණ ඉහළට රෝගීන් 67,174ක්
මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන් කළා.
ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක් වේ.
ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති අතර, ඊයේ (10) දිනට පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසූවා.
මේ වනවිට ප්‍රධාන රෝහල් කිහිපයකට ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බවයි වෛද්‍යවරයා පැවසූවේ.

