සුළි කුණාටුවෙන් වූ හානියට වඩා වැඩි මුදලක් ජනතාවට දුන්නා
සුළි කුණාටුවෙන් වූ හානියට වඩා වැඩි මුදලක් ජනතාවට ලබාදෙන්න රජය පියවර ගෙන තිබෙන බව නිවාස නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් පළකළ ටී.බී. සරත් මහතා පැවසූවේ,
“ආර්ථික වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වූ රටක් අපි භාර ගත්තේ. වංචාව, දූෂණය පිරි රටක් වුණා මේ රට. පසුගිය කාලය තුළ ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන් බිඳ වැටුණු රටක් අපි භාර ගත්තේ. භාණ්ඩ 900කට වැඩි ප්‍රමාණයක් ඒ වනවිට ආනයනය කළේ නැහැ. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම් නතර කර තිබුණා. සහනාධාර කප්පාදු කර තිබුණා. අඩු ආදායම්ලාභී ජනතාවගේ සහනාධාර කප්පාදු කර තිබුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළේ නැහැ. ඒ නිසාම සේවකයන්ගේ කාර්යක්ෂමතාව අඩුවී තිබුණා. එවැනි තත්ත්වයක් තුළ අපි මේ රට භාර ගත්තා. එයින් පසුව පළමු අය-වැය තුළදීම අපි රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් කළා. අපි කළේ මූලික වැටුප් වැඩිකිරීමක්. ලබන ජනවාරි වනවිට 40,000ට වැඩි වැටුප් වැඩිකිරීමක් කර තිබෙනවා.”

