free web stats

ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නැ­ඟීම යුගයේ අව­ශ්‍ය­තා­ව­යක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය එක්ව ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නැ­ඟීම වත්මන් යුගයේ අව­ශ්‍ය­තා­ව­යක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවි­ධා­යක නවීන් දිසා­නා­යක මහතා පැව­සූවා.

නවීන් දිසා­නා­යක මහතා නුව­ර­එ­ළියේ ඊයේ (15) පැවති මාධ්‍ය හමු­ව­කදී
වැඩි දුර­ටත් අද­හස් දැක්වම්න් පැවසූවේ,

“එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය අතර තියන එක­මු­තු­කම නාය­ක­තුමා සහ ප්‍රේම­දාස මහ­ත්මයා කතා කරලා තිය­නවා. මං හිතන්නේ ඊළඟ පිය­ව­රට අපිට යන්න පුළු­වන්. ඇත්ත වශ­යෙන් හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. එජාප එකතු වෙලා සජ­බත් එක්ක මේ රටේ ප්‍රධාන පෙළේ විප­ක්ෂ­යක් හදන එක තමයි අව­ශ­යම දේ. ඉන්න කට්ටිය කැඩෙන එක නෙවෙයි. මං හිතන්නේ ඒක කරන්න දැන් අපිට මූලික පද­න­මක් තිය­නවා.

සී.ඩබ්ලිව්.සී. කොහො­මත් එන්නේ සජබ සහ එජා­පයේ අපිත් එකක් තමයි. ඒ ගොල්ලන් වෙනම යන්න බලා­පො­රො­ත්තු­වක් නෑ. වතු­ක­රයේ ජන­තා­වගේ ප්‍රශ්න එහෙ­ම්ම­මයි. ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කිසිම දියු­ණු­වක් වෙලා නෑ.

ඉතින් විශේ­ෂ­යෙන්ම ආණ්ඩුව රු. 700කින් වැඩි කරලා තිය­නවා දෛනික වැටුප. නමුත් ඒක සරි­ල­නවා මදි ඇත්ත වශ­යෙන්ම තමාගේ එදි­නෙදා බඩු මිලත් එක්ක ඒක හොඳ­ටම මදි.

ඉතින් අපේ කාලේ අපි කිව්වේ, නිෂ්පා­දන ධාරි­තා­වය අනුව මේක වැඩි කරන්න අව­ශ්‍යයි කියලා. අපි ඒකට සූත්‍ර­යක් හැදුවා. වැවිලි කර්මන්ත ඇමති හැටි­යට අපි ඒ ගැන සාකච්ඡා කලා. අපි බලයේ හිටියා නම්, අපි මීට වඩා සහ­න­යක් වතු­ක­රයේ දමිළ ජන­තා­වට ලබා දෙනවා. විශේ­ෂ­යෙන්ම සමා­ගම් එක්ක සාකච්ඡා කරලා එක තැන­කට එන්න අපි පද­නම දාලා තිබ්බේ. දැන් මේ ආණ්ඩුව එහෙම කිසිම දෙයක් කරලා නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *