නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට වැසෙයි – Update
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්යක්ෂවරයා පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ හෙට දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබා දුන් බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ D.M.S.D. දිසානායක මහතා පැවසූවා.
මේ අනුව නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන කලාප කාර්යාලවලට මෙසේ නිවුඩා ලබා දුන් බව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසූවා.
හැටන් සහ නුවරඑළිය පාසල් වසා තැබීමට අවසර දුන් හේතුව
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙනවා.
ඒ අනුව අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවතින අහයපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න තීරණය කළ හැකි බවට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළා.

