free web stats

කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු මරුට – Update

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසනවා.

මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව හටගත් අතර, එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකළ බව සඳහන් වෙනවා.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනෙකු රෝහල්ගත කරයි – Update

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

බන්ධනාගාරයේ අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව හටගත් අතර, එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා.

කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් අතර අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන පාලනය කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ නමුත් අද උදෑනස යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව අති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්වේ.

මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර යම් නොසන්සුන්තාවක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *