free web stats

ඔලිම්පික් කමිටුව කාන්තා තරග සඳහා ගත් තීරණය

2028 වසරේ සිට ඔලිම්පික් ක්‍රීඩාවල කාන්තා අංශය ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට (Biological females) පමණක් සීමා වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා.

මෙම සුදුසුකම තීරණය කරනු ලබන්නේ “ජීවිත කාලයටම එක් වරක්” සිදුකරන ලිංගික පරීක්ෂණයකින් (Sex test) වන අතර, එමගින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට (Transgender women) සහ ලිංගික වර්ධනයේ වෙනස්කම් සහිත (DSD) පුද්ගලයන්ට කාන්තා අංශය යටතේ තරඟ කිරීම තහනම් වනු ඇත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනි කර්ස්ටි කොවෙන්ට්‍රි ප්‍රකාශ කළේ මෙම ප්‍රතිපත්තිය “වෛද්‍ය විශේෂඥයින්ගේ මගපෙන්වීම මත” සකස් කළ එකක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *