ජනපති ප්‍රධානත්වයෙන් අද ඇසළ පෙරහර සමාප්ති උත්සවය
මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) මහනුවර ජනපති මැදුරේදී පැවැත්වීමට නියම්තයි.
දහවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, සතර මහා දේවාල බස්නායක නිලමේවරු හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහරින් ජනපති මන්දිරය වෙත ගමන් කර, මෙවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය ජනපතිවරයාට භාරදෙනු ලබනවා.
අනතුරුව පෙරහරට දායකත්වය ලබාදුන් රාජ්‍ය නිලධාරීන් හා නිලමේවරුන් සමඟ ජනපතිවරයා සමූහ ඡායාරූපයකට පෙනී සිටින අතර මෙවර මහනුවර ඇසළ පෙරහරට ශ්‍රී දළදා මාලිගාව, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල නියෝජනය කරමින් සහභාගි වී විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන්ට ජනපතිවරයා අතින් මුදල් හා සහතිකපත් ප්රදානය කෙරෙනු ලැබෙනවා.
පෙරහර මංගල්‍යය පැවැත්වීම වෙනුවෙන් පෙරහර භාරය මඟින් ශ්‍රී දළදා මාලිගාවට රුපියල් ලක්ෂ 45ක්ද සෙසු දේවාලවලට රුපියල් ලක්ෂ 35 බැගින්ද පිරිනමන බව එම භාරයේ සභාපති අමිල නවරත්න මහතා පැවසූවා.

