free web stats

ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්

වසරේ ගතවූ මාස 8 තුළ රුපියල් බිලියන 1,832.7ක් ආදායම් වාර්තා කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.

රේගුව පැවසුවේ, පසුගිය අගෝස්තු මාසයට අදාළව ලැබී තිබූ ඉලක්කය රුපියල් මිලියන එක් ලක්ෂ 90,274ක් වන අතර එය පසුගිය 27 වන දිනවන විට සපුරාලීමට හැකි වූ බවයි.

ඒ අනුව රුපියල් මිලියන එක් ලක්ෂ 99,629ක ආදායමක් අගෝස්තු මසයේදී රේගුව උපයා තිබේ.

මේ වසර වන විට රේගුව රුපියල් බිලියන 2,206.995 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නියමිත බව සඳහන් වේ.

2025 වසරේදී ද රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා රුපියල් බිලියන 2,557.535 ක ඉහළ ආදායමක් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *