free web stats

ගෙවුණු මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන මෙන්න

වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 95,493ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එමෙන්ම දිවයින පුරා ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති අතර එහි මරණ අනුපාතිකය 0.076% ක් ලෙස සටහන් වේ.

එහි දත්තයන්ට අනුව වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,964 කි.

ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533 ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,157ක් වශයෙන් වාර්තා වී ඇත.

දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් රෝගීන් 50,506 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 13,886ක් හා මධ්‍යම පළාතෙන් රෝගීන් 8,710ක් ලෙස වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 21.31% කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,914ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,977ක් වාර්තා වී ඇත.

එමෙන්ම දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් අධි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *