ශ්රී ලංකා ක්රිකට් වෙනස් මගකට
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මින් ඉදිරියට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට යටත් වන බව ක්රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්රමරත්න මහතා පවසනවා.
ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් සම්බන්ධව මහජනතාව ඉල්ලන තොරතුරු ලබාදීමට ශ්රී ලංකා ක්රිකට් පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළා.
මේ අනුව ශ්රී ලංකා ක්රිකට් සම්බන්ධ මෙතෙක් පැවති ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් මේ නව තීරණය ගෙන තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පාලනය සහ මූල්ය කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැක සංකා දුරු කිරීම සඳහා ඉහළ පාරදෘශ්යභාවයක් අවශ්ය බවත්, ශ්රී ලංකා ක්රිකට් තොරතුරු ප්රසිද්ධියේ ලබාගත හැකි නම් චෝදනා සහ ගැටලු බොහොමයක් මතුනොවන බව ඒ මහතා සඳහන් කර සිටියා.
දැනට සිදු කරමින් පවතින මේ පරිවර්තන ක්රියාවලිය යටතේ ක්රිකට් ආයතනයේ මූල්ය කළමනාකරණය හා පාලන ව්යූහය තුළ නිසි සුදුසුකම් ඇති පුද්ගලයන් සුදුසු තනතුරුවල සිටින්නේද යන්න පරීක්ෂාවට ලක් කිරීම විශේෂත්වයකි.
මේ අතර කොන්ත්රාත් ක්රීඩකයන් ප්රමාණය අඩු කොට ක්රීඩකයන්ට වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සාකච්ඡා වෙමින් පවතී. ක්රිකට් පරිවර්තන කමිටු සාමාජික කුමාර් සංගක්කාර මහතා පවසන්නේ යම් අවස්ථාවකදී කොන්ත්රාත් ක්රීඩකයෙක් එළියට යනවා නම් ඒ වෙනුවට තවත් කෙනෙක් පැමිණිය යුතු අතර, ක්රීඩක ප්රමාණය වැඩි කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි.
කාන්තා ක්රිකට් කණ්ඩායම හොඳ දක්ෂතා අතර සිටින හෙයින් එම කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ගේ වැටුප් වැඩි කළ යුතු බවද සංගක්කාර මහතා පෙන්වා දුන්නා.

