free web stats

නියමිත පරිදි ජාතික මැතිවරණ පවත්වනවා

දේශ­පා­ලන විඥා­න­යක් නැති පාර්ශ්වය, ජන­තාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැති­ව­රණ කල් දමන බවට විවිධ ප්‍රකාශ කළත් නිය­මිත පරිදි ජනා­ධි­ප­ති­ව­ර­ණය, මහ මැති­ව­ර­ණය පව­ත්වන බවත් පව­තින නීති­මය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැති­ව­ර­ණය ද පව­ත්වන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළා.

‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව මුල් කර­ග­නි­මින් සංවි­ධාන කර තිබූ ජන­රැලි මාලාවේ පළමු අදි­යර කළු­තර දිස්ත්‍රි­ක්කය මුල්කර­ග­නි­මින් බුල­ත්සිං­හල හා බේරු­වල නග­ර­ව­ලදී ඊයේ (06) පැවැත්වුණා.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා මේ අද­හස් පළ කළා.

පාර්ලි­මේ­න්තුවේ සියලු පක්ෂ එකඟ වන ඡන්ද ක්‍රමය තීන්දු කළ වහාම පළාත් සභා මැති­ව­ර­ණ­ය පව­ත්වන බවත් තමා කිසි­සේත්ම ජන­තා­වට වංගු ගසා පාලන බලය තබා­ගැ­නී­මට උත්සාහ කරන්නේ නැති බවත් කී ජනා­ධි­ප­ති­ව­රයා, අපි හැම­වෙ­ලේම විශ්වා­සය තබන්නේ ජන­තාව කෙරෙහි පම­ණක් බවත් පැවසුවා.

ඒ නිසා ගම් මට්ට­මින් ජාතික ජන බල­වේ­ගය ප්‍රබ­ල­තම දේශ­පා­ලන ව්‍යාපා­රය ලෙස තවත් ශක්ති­මත් කර­මින් රට ගොඩ­නැ­ඟීමේ ඓති­හා­සික ගම­නට දායක වන ලෙස සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටින බව ද ජනා­ධි­ප­ති­ව­රයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *