free web stats

ලෝක රූ රැජන කිරුළ ඩොමි­නි­කන් රූම­ති­යකට

ඩොමි­නි­කන් ජන­ර­ජයේ 24 හැවි­රිදි ජොහෙ­යිරී මෝලා මෙවර ලෝක රූ රැජන ලෙස අභි­ෂේක ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර විය­ට්නා­ම­යේදී පැවති 73 වැනි ලෝක රූ රැජන තර­ග­යේදී ඩොමි­නි­කන් ජන­ර­ජ­යට කිරුළ හිමි­වූයේ වසර 24කට පසුව බවද වාර්තා වේ.

මීට පෙර අව­සන් වරට ඩොමි­නි­කන් රාජ්‍ය­යට එම කීර්තිය අත්කර දී ඇත්තේ 1982 වස­රේදී කිරුළ දිනූ මරි­ය­සෙලා ඇල්වාර්ස් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

විය­ට්නා­මයේ නාහා ට්‍රැංග් නුවර පැවති මෙවර ලෝක රෑ රැජන තර­ග­යේදී රූම­ති­යන් 111 දෙනකු පරා­ජය කළ ජොහෙ­යිරී මෝලාට පසු­ගිය වසරේ ශුරිය වූ තායි­ල­න්තයේ සුචාටා චුආග්සි අතින් කිරුළ පල­ඳවා ඇති අතර, ස්පාඤ්ඤයේ එලි­ස­බෙත් රේනස් සහ මැලේ­සි­යාවේ ටානු­සියා චෙට්ටි පිළි­වෙ­ළින් පළමු හා දෙවැනි අනු­ශූ­රිය ලෙස තේරී පත්වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *