පාසල් පෙළපොත් සඳහා වූ වැට් බද්ද ඉවතට
පාසල් පෙළපොත් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කරමින් අධ්යාපනය සඳහා තවදුරටත් පහසුකම් සළසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ සඳහා ගනු ලබන ක්රියාමාර්ග ඉදිරි අයවැයේදී ප්රකාශ කරන බව ජනාධිපතිවරයා ප්රකාශ කළා.
මේ අතර වී වගාවට අමතරව කුඹුරුවල සිදුකෙරෙන අතුරු බෝග වගා සඳහා ද රුපියල් තිස්දහසක පොහොර සහනාධාරය ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.
අනුරාධපුර නොච්චියාගම ප්රදේශයේ ඊයේ (13) පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
ජාතික ජන බලවේග රජයට වසර දෙකක් සපිරීම වෙනුවෙන් අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි යන තේමාවෙන් ජන රැළි මාලාවක් සංවිධාන කර තිබෙනවා.
එහි අනුරාධපුර නොච්චියාගම ජන රැළිය ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණා.
ප්රදේශයට ඇදහැලුණු අධික වැසි හමුවේ වුවද විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් මෙන්ම මැතිඇමතිවරුන් ජන රැළිය ඇමතුවා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය වසන්ත සමරසිංහ මහතා කියාසිටියේ ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම සඳහා වැඩිම මුදලක් වෙන්කළේ වත්මන් ආණ්ඩුව බවයි.

