තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ ඌව පලාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (1) පෙ. ව 03.00ට නිකුත් කර ඇති අතර එය හෙට (16) පෙ. ව 08.30 දක්වා වලංගු වෙනවා.
ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක වලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මෙම ප්රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


