free web stats

ඍජු බදු හා වක්‍ර බදු­ව­ලින් මිනි­සුන් හිර කරලා

අද ගොවියා පොහොර නැතුව අනාථ වෙලා ඉන්නේ. බඩු මිල වැඩි වෙලා ගෘහි­ණිය අනාථ වෙලා ඉන්නේ. තෙල් මිල වැඩි වෙලා ත්‍රීවීල් රියැ­දු­රන් අනාථ වෙලා. පෞද්ග­ලික අංශයේ අයට බදු වැඩි වෙලා. ඍජු බදු හා වක්‍ර බදු­ව­ලින් මිනි­සුන්ව හිර කරලා යැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම්. මරි­ක්කාර් මහතා කොළො­න්නා­වේදී පැවසූවා.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා,

“ආණ්ඩුව නම් කියන්නේ, භාණ්ඩා­ගා­රය රුපි­ය­ල්ව­ලින් පිරී ඉතිරි ගිහිල්ලා කිය­ලයි. හැබැයි ජන­තාව වතුර බිල්, ලයිට් බිල් ගෙවා ගන්න බැරුව දරුමල්ලන්ට කන්න බොන්න දෙන්න විදි­හක් නැතුව ටියු­ෂන් පන්ති යවා ගන්න විදි­හක් නැතුව අමාරු අඩි­ය­ටම වැටිල ඉන්නේ.”

“සම­හ­රුන්ට සති­ය­කට එක පාර­ක්වත් මස් මාළු ටිකක් කෑමට එකතු කර­ගන්න බැරි තත්ත්ව­යක් තියෙන්නේ. සම­හර අම්මලා දරු­වන්ට පෝෂ්‍ය­දායි ආහාර වේලක් ලබා දෙන්නේ සති­යට දව­සයි, දෙකයි. අද කොළො­න්නාවේ ගංව­තු­රෙන් විප­තට පත් පවුල් දහ දාහ­කට වන්දි මුදල් ලැබිලා නැහැ. ඒ අයට ඔප්පු නැහැලු. අන­ව­ස­රලු. හැබැයි ගංව­තුර එන­කොට ඔප්පු තියෙ­නව ද, අන­ව­සර ද කිය කියා බලන්නේ නැතු­වයි ආවේ.”

“2016 ගංව­තුර වෙලාවේ මම මන්ත්‍රී­ව­රයා වශ­යෙන් මැදි­හත් වෙලා ලක්ෂ විසි­තු­න්දා­හක් ජන­තා­වට සහන ලබා දුන්නා” යැයිද පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *